මැද මාවත" T " හංදියකට පැමිණ ඇත ...වාසුදේව කියයි ..



 දශක ගණනාවක් පුරා අධිරාජ්‍යවාදයට විරුද්ධව වමට බරව ගමන්කළ මැදමාවතේ බලවේග මේ වන විට" T" හංදියකට පැමිණ ඇති බවත්,මෙතනින් ඔබ්බට මේ රට යා යුතු මග IMF නොවන බලවේග විසින් තීරණය කළ යුතු බවත් ,සියලු වාමාංශික බලවේග එකතු කරමින්  මාලිමාව ඒ සඳහා නායකත්වය දිය යුතු බවත්,ජාතික ජන බලවේගය තවමත් මේ සම්බන්ධයෙන් දෙපැත්තට කථා කරමින් සිටීම භයානක ලෙස ප්‍රතිගාමිත්වය යටතට නැවත බලය ගැනීමට උදව්වක් විය හැකි නිසා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස සතර දෙසින් මිනිස්සු ඉල්ලීම් කරන බවත්,වැඩ පිළිවෙළක්  නැති කනවැලක් අල්ලාගෙන යාමට  නොහැකි බව ට එම ජනතාව පවසන බවත් වාසුදේව සහෝදරයා පැවසීය .

         ඔහු මෙම අදහස් පළකළේ නොවැ .11දින පැවති  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 9වන නියෝජිත සම්මේලනය අමතමිණි.කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දවස පුරා ඉතා උත්කර්ෂවත්  ලෙසත්,උණුසුම්  ලෙසත්  පැවති  මෙම සම්මේලනය ආරම්භයේ දී" IMF වට්ටෝරුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙළක්" මැයෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ සහෝදරයා ඉදිරිපත් කළ දෙසුම කාගේත් බලාපොරොත්තු දනවන එකක් විය.    ජාතික හා ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන් හා ඉදිරියේදී  රටතුල ඇති විය හැකි දේශපාලන වර්ධනයන් පිළිබඳවත් හා ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය පිළිබඳව ත් බරපතල සාකච්ඡාවක්  පැවතුණු  අතර,ඉදිරි මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගැනීම සඳහා පැවති  උණුසුම් ඡන්ද විමසීමෙන් පසුව 31දෙනෙකු ඒ සඳහා තෝරාපත් කර ගත් අතර ඉදිරිපත් කරතිබූ දේශපාලන යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කර ගන්නා ලදී .අනතුරුව පත්වූ නව මධ්‍යම කාරක සභාව රැස්වී ඒකමතිකව  වාසුදේව සහෝදරයා ප්‍රධාන ලේකම් ලෙස නැවත පත්කර ගත් බව එම පක්ෂයේ  මධ්‍යම කාරක සභිකයෙකු Lanka L News වෙත පැවසීය...

Post a Comment

0 Comments