2024 දි ජන ජීවිතයේ මහා කඩා වැටීමක් ! මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි ...



2022 වනවිට එකතු කළ අගය මත බදු වලින් (VAT) රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 463 ක් බවත්,එය 2023 රජයේ අපේක්ෂිත VAT ආදායම රුපියල් බිලියන 680 ක් බවත්,2024 වර්ෂයේ රජය අපේක්ෂා කරන වැට් ආදායම රුපියල් බිලියන 1400 ක් බවත් පැවසීය .මෙම අපේක්ෂිත ආදායම කරා ළඟා වීමට  නම් මේ රටේ සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් මාසයකදි කොපමණ බදු මුදලක් ගෙවිය යුතුද කියන එක ගණන් බැලුවාම 2022 සාමාන්‍ය පවුලක් රු .6700 ක් වැට් වශයෙන් ගෙවා ඇත. එය 2023 දී රුපියල් 9700දක්වා වර්ධනය වී තිබූ අතර, 2024 රජය මේ කියන ආදායම් ඉලක්ක වලට යන්න නම් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් 20,400/= කට ආසන්න මුදලක් වැට් වශයෙන් ගෙවන්න වෙනව.

           මේ තුලින් අපිට පැහැදිලි වන කාරණය තමයි 2022 ට සාපේක්ෂව 203% කින් බදු ගෙවීම ඉහළ යාමක් පේන්න තියෙනව .මෙහි ප්‍රතිඵලය දේශීය ඉල්ලුම අඩු වී නිෂ්පාදනය කඩා වැටීම බවත් ,ඒ සමඟම භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගොස් සමස්තයක් ලෙස පාරිභෝගිකයන්ගේ ජන ජීවිත කඩාවැටීමත්,නිෂ්පාදකයාගේ නිෂ්පාදන ව්‍යුහයට දැඩි බලපෑමක් ඇති වන්නටත් හේතුවන බව මහාචාර්ය වසන්ත පැවසීය .

Post a Comment

0 Comments