මේ රටේ දේශපාලනයේ අමිහිරිම යුගය ආරම්භ වෙන්නෙ 1977 න් පසුව බවත්,ඉන් පසුව පැමිණි පාලකයො ආවෙ භාණ්ඩාගාරයෙන් කොටසක් ගෙදර ගෙනියන්න බවත්,එහි ප්‍රතිඵලය රට බංකොලොත්වීම බවත්,මේ ආණ්ඩුව දූෂණයට ඉඩදීල පැහැදිලි කලුපැල්ලමක් එකතුකර ගත් බවත්,මේ ආණ්ඩුව දූෂකයො,දූෂණය නිල වශයෙන් පිළිගත්ත ආණ්ඩුවක් බවත් පැවසීය .
තවදුරටත් ඔහු පැවසුවේ 1977ට පෙර සිටියෙ තමන්ගෙ අතේ තිබිච්ච දේත් රටට දුන්නු නායකයො බවත්, මේ පාර්ලිමේන්තුවෙත් හොරා නොකන අවංක සීමිත පිරිසක් සිටින බවත්,මේ රටට අවශ්‍ය භාණ්ඩාගාරයෙන් ගෙදර ගෙනියන දේශපාලනයට තිත තියන දේශපාලනයක් බවත් ,පාර්ලිමේන්තුවට අවශ්‍ය කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කේසර සිංහයො වගෙ පිරිසක් බවත්, ලබන මැතිවරණයෙදි මෙහි සිටින බහුතරයක් ගෙදර බවද අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලදී .
0 Comments