අද වන විට මෙරට 55% ක ජනතාවට තුන්වේල කන්න නැතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.
ලෝක බැංකුව හා යුනිසෙෆ් ආයතනය සියලු ආයතන වල කළ සමීක්ෂණ අනුව 55% ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ද ඔහු පැවසීය.
වසර විසි නවයක් සමෘද්ධිය ලබා දී ඇතත් නැගිටීමක් නැති බවද පැවසූ ඔහු අද ක‍්‍රියාත්මක අස්වැසුම වැඩපිලිවෙලද අවුල් ජාලයක් බවද පැවසිය.
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාම නිලධාරීන්ගේවත් උපදෙස් ලබාගෙන නැති බවද එනිසා අභියාචනා ලක්ෂ ගණන් ඉදිරිපත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙසේ අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු දෙනාම බොහෝ දුප්පත් අහිංසක ජනතාවක් බවත් ලක්ෂ ගණනක් ජනතාව අද බඩගින්නේ සිටින බවත් හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයේ එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
0 Comments