ජනතාව තීන්දුව අරන් ඉවරයි.. රනිල්ට තියෙන්නෙ ජනාධිපතිවරණෙ කැදෙවුවම නාම යෝජනා දෙන්න විතරයි…

 

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සමග සාකච්ඡා නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ජනතාව ඉල්ලන්නේ වත්මන් ජනාධිපතිවරයාම බවත් ඒ අනුව ඔහුට විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට දෙයක් නැති බවත් ඒ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ඉතිරිව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැඳ වූ විට නාම යෝජනා භාරදීම පමණක් බවත් හෙතෙම කියා සිටී.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

Post a Comment

0 Comments