මහාචාර්යතුමා ඇන්දූ සරම රාජ්‍ය ඇමති කඩා දමයි…

 

දිනය පසුගිය සිකුරාදාය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද විවාදය පැවතුනේ එදාය.

මේ විවාදය අතරේ නැගී සිටි මහාචාර්යවරයෙකි.

ඔහුගේ මුළු කතාවේම හරය වූයේ රජයට අයත් වැවක් අසල ඇති නිවසක පිහිටි මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වූ තම ගෝලයා පොරක් කිරීමයි.

මේ ගෝලයා ද ආචාර්යවරයෙකි.

ඉහත කී මාධ්‍ය ආයතනයට පත්ව තාම මාස කිහිපයකි.

මහාචාර්යතුමාගේ බුද්ධියට අනුව ඔහුගේ ගෝල ආචාර්යතුමා විශ්වකර්‍මයෙකි.

ඔහු වැඩ බාරගෙන මාස කිහිපයක් තුලදී පාඩු නැති කර ආයතනය ලාබ ලබන තත්ත්වයටත් පත් කර තිබේ.

මහාචාර්යතුමා කතා කළේ සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරමිනි.

එකී සංඛ්‍යා ලේඛන මහාචාර්යතුමාට ලබා දී ඇත්තේ ද ආචාර්යතුමා විසින්ම බව මුළු සභාවටම වැටහී තිබුණි.

එදින පිළිතුරු කතාව කිරීමට නැගී සිටියේ සාන්ත දාන්ත රාජ්‍ය ඇමැතිතුමා ය.

එතුමා අදාළ රාජ්‍ය මාධ්‍ය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හිටපු සභාපතිවරයා කළ කාර්යභාරය සභාවට හොදින් පැහැදිලි කර දුන්නේය.

මහාචාර්යතුමා විසින් ඉතා අසීරුවෙන් ආචාර්යතුමාට ඇන්දූ සරමේ ගැටය රාජ්‍ය ඇමැතිතුමා කඩා දැමුවේ හිතක් පපුවක් නැති විලසටය.

Post a Comment

0 Comments