විදුලි ඉන්ජිනේරු සංගමයේ ජාතික සම්පත් කොල්ල කෑම...

 


විදුලි ඉංජිනේරු සංගමය උලස නායක කමිටුව විදුලි බල මන්ඩලය පුතිව්‍යහුගත කිරීමේ මුවාවෙන් ජාතික සම්පතක් කඩිමුඩියේ විකුනාගෙන කෑම සදහා සැලසුම් කර ඇති ආකාරය පෙන්නා ⁣දෙන ලදි.

එහි දී ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන්නේ විදුලිබල මණ්ඩලය සමාගම් 12 කට කඩා  කොටස් ලෙස පුද්ගලීකරණය කිරීම සඳහා කටයුතු කරන බවයි.

අනිත් අතින් ආර්ථිකයේ විශාල බිදවැටීමක පවතින තත්වය තුල වි⁣දේශිකයින් මෙම රාජ්‍ය ආයතනය කොල්ලකා ගැනීමට ඇමතිවරයා ඇතුලු පාලකයින් සැලසුමක් දියත් කර ඇති බව ඔවුනන් අතට පත්ව ඇති ලියවිලිවලින් පැහැදිලි බව පෙන්වා දෙන ලදි.

මේ මගින් සිදු වන්නේ තවදුරටත් විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල වැඩි වීම පමණක් බවත් ඔවුන් පෙන්වා දෙන ලදී 

විශේෂයෙන්ම විදුලි බල මන්ඩලය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙල යටතේ පාරිභෝගිකයා පිළිබඳව කිසිදු සඳහනක් නොමැති අතර අගමැතිවරයා මෙම පනත සම්මත වීමෙන් පසුව එය ස්වංකිුයව ඉදිරියට ක්‍රියාත්මක කෙරන ආකාරයෙන් මෙම පනත සම්මත කිරීමට නියමිතය.

මෙම මගඩිය දුවවායු මගින් අඩු වියදමින් තාප බලාගාර දිවවීමේ සැලසුම අතහැර නැවතත් ඛනිජතෙල් භාවිතයෙන් විදුලිය නිපදවා වැඩි ගනන්වලට ලබාදීමෙන් ජනතාව අදුරේ තබන අතර කර්මාන්ත වැසියාමටද එය හේතුවක් වනු ඇත

Post a Comment

0 Comments