ලංකාව සිටින්නේ විශාල පරිවර්තනයක අභියසයි!! මහාචාර්ය නිර්මාල් රංජිත් පවසයි .........

 


පසුගිය වසරේ ඇතිවූ මහජන අරගලය හා ආණ්ඩු පෙරළියෙන් පසුව සමාජයේ එතෙක් පැවති සමතුලිතතාවය බිඳීගිය බවත්,අලුත් සමතුලිතතාවයක් තවමත් ඇතිවී නැති බවත් ,දැන් අප විශාල පරිවර්තනයක අභියස සිටින බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් සියත මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය .

පෙර සමාජයේ පැවති  දේශපාලන නැඹුරුතා නෙමෙයි දැන් දක්නට තිබෙන්නේ .සාම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාදාමය තුල ආධිපත්‍යය දැරූ දේශපාලන කංඩායම්වල බලය අද දුර්වල වෙලා.2005 සිට මහින්ද රාජපක්ෂ කේන්ද්‍ර කරගෙන මැතිවරණ ක්‍රියාවලියේ තිබූ ප්‍රමුඛත්වය දැන් ඒ අයට නෑ.ඒ අය ගොඩනගාගත්ත දේශපාලන සංධානය දැන් බිඳවැටිලා.එය සී සී කඩ විසිරිලා. එය සාමාන්‍ය සමාජය දිහා බැලුවාම පේනව. ජනතාව ඒ අයගෙන්  වියෝවෙලා.තිබුන සහය නැතිවෙලා.ජනතා නැඹුරුවේ ලොකු වෙනසක් වෙලා තියෙනවා.දේශපාලන  දේහයේ ඊළඟට මොනවගේ සමතුලිත භාවයක් ඇතිවේද?විශාල පරිවර්තනයක අභියස සිටින බවනම් පැහැදිලි යි.

රනිල්ට මැතිවරණ කල් දැමීමේ උලවමනාවක් නම් තියෙනවා.ඒත් ඒක ලේසි නෑ .ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තියන්න වෙනව.මොකද මැතිවරණ ලංකාවේ මිනිසුන්ගේ ජනජීවිතයේ කොටසක්.JR මැතිවරණ නොපවත්වා කැරලි දෙකකට මුහුණ දුන්නා.මර්දනය හරිගියෙ නෑ .දීර්ඝකාලීනව UNP ය බිඳ වැටුනා.රනිල් ඒක දන්නව.ඒ නිසා මැතිවරණ තියන්න වෙනව.මර්ධනය තාවකාලිකයි.ඔහු වැඩිදුරටත් පැවසීය .

Post a Comment

0 Comments