දේශපාලන විද්‍යාව පිළිබඳව ඇරිස්ටෝටල් දුන්නු විග්‍රහය අදටත් වලංගුයි.ඔහු කියපු දෙයක් තමයි දේශපාලන විද්‍යාව යනු ස්වාමි විෂයක් කියන එක.ඒ කියන්නේ අනෙක් හැම විෂයකටම වඩා ඉහළින් තියෙන එකක් කියන කාරණය.එයින් අදහස් වන්නේ අනෙක් හැම විෂයකම තියෙන දේශපාලන කාරනා අපිට අල්ලන්න පුළුවන් ඒ වගෙම හොයාගන්න පුළුවන් කියන එක.දේශපාලන විද්‍යාව ශ්‍රාස්ත්‍රීය විෂයක් වුවත් එය සමාජයත් සමඟ නිරන්තර ගනුදෙනුවක් කරමින් හැදෑරිය යුතු විෂයක් විදියට තමයි දේශපාලන විද්‍යාව විග්‍රහ කරන්න පුළුවන් .
දේශපාලනය පිළිබඳව ,දේශපාලන විද්‍යාව පිළිබඳව ව්‍යවහාරික සමාජයේ ස්ථාපිත අදහසක් තියෙනව .ඒ කියන්නේ ඒ අය තේරුම් ගන්න විදියක් තියෙනව .ඒ අයට තේරුම් කරල දීල තියෙන විදියක් තියෙනව .ප්‍රශ්නය අපි එය ඒ ලෙසම භාරගන්නවද ?නැත්නම් අලුත් අර්ථ කථනයක් අපි සමාජයට යෝජනා කරනවද?කියන එක තමයි වඩා වැදගත්.
දේශපාලන විද්‍යාව යනු බලය ලබාගැනීම සඳහා සම්බන්ධ විෂයක්ම නොවේ.එහිඑක ඇත්තකුත් තියෙනව .බලය ලබාගැනීම ,බලය අත්පත් කර ගැනීම කියන මකියාවේලිගෙ මතයෙන් එහාට ගිය එකක් තියෙනව. ඇත්තටම දේශපාලනය යනු සමාජයේ පොදු යහපත සදහා මිනිස්සුන්ව සංවිධානය කිරීම .එහෙම නැතුව බලය පිළිබඳ හැදෑරීමක් නොවේ. එයින් එහාට ගිය ගොඩක් කලාප තියෙනව.දේශපාලන විද්‍යාව යනු රාජ්‍ය හෝ ආණ්ඩුව ගැන පමනක් හදාරන එකකුත් නොවේ.ඇරිස්ටෝටල් කියන්නේ දේශපාලන විද්‍යාව යනු සමාජය පිළිබඳ නිරන්තර ගනුදෙනුවක් කරමින් හැදෑරිය යුතු විෂයක් බවයි....ධම්ම දිසානායක මහතා මේ අදහස් පළකළේ අද itn රූපවාහිනීය සමඟ කළ සාකච්ඡාවකදීය....

0 Comments