ජනතාවාදී ජන බලවේගය 1956 සිට රාජ්‍ය සම්පත් ආරක්ෂා කර නඩත්තු කළ අතර ,එම ජාතික සම්පත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන දේශපාලන ගනුදෙනුව අනුව සර්ව සම්පූර්ණව පුද්ගල අයිතියට පැවරීම සඳහා ක්‍රියාත්මක කිරීම වර්ථමාන පොහොට්ටු, යූ.එන්.පී සංධානයේ පිළිවෙත වී තිබේ. මෙවැනි කටයුත්තක් කිරීම සඳහා මොවුන්ට කිසිදු ජනතා වරමක් මැතිවරණයකින් ලබාදී නොමැත .එබැවින් පාර්ලිමේන්තුවෙන් පත්වූ අතරමැදි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පොදුජන වරමට එරෙහිව කටයුතු කිරීම ජන බලයෙන් ආපසු හැරවිය යුතු බවත්,ජා.මූ.අරමුදල ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියේ වල්ගයක් ලෙස ක්‍රියාත්මක වන බවත්,ඉඩ ලැබෙන ප්‍රථම අවස්ථාවේම මේ වහල් භාවයෙන් මිදිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි..

0 Comments