හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය (07) දින රාත්‍රි සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමග මාර්ගයට කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත් , මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයට පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බව මාර්ග සංවර්ධන අධිකාරි පැවසිය.
0 Comments