මහින්ද මහතාණනි,ගොන් ආතල් නොදී දැන් විශ්‍රාම ගන්න !

 


ඔබතුමා එක කාල වකවානුවක විශේෂයෙන් 2010 පමණ වනතුරු මේ රටේ ප්‍රගතියට ලොකු වැඩ කොටසක් කළා.ඉන් පසුව ඔබ වටා රොක්වුනු බැසිල් ප්‍රමුඛ චෞර රැලක් ඔබව පමණක් නොව මුලු ප්‍රගතිශීලී ව්‍යාපාරයම ජනතා සිත් සතන් තුලින් ඈත්කළා.අවසානයේ ඔබව අන්ත දක්ෂිණාංශික රනිල් ගේ දෙපතුල ලඟටද අරගෙන ගියා.අරගෙන ගියා පමණක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ ජනතා විරෝධී ජන පීඩක වැඩපිළිවෙළට පූස් පැටව් වගෙ අත් ඔසවන්න පටන් ගත්ත .අන්තිමට ජනතාවට බදුපිට බදු ගහන 2024 අයවැයටත් ගෝලයො රොත්තො ටිකත් එක්කම ඡන්දය දුන්නා .අද මැද මාවත සමඟ ආපු ජනතා බලවේග විසුරුවා හැරිය .අයවැය ට

ඡන්දය දීල ඇවිල්ල අද හීනෙන් භයවෙළා වගෙ ප්‍රකාශයක් නිකුත් කරනව පොදු ජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුනත්,වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා තමන්ට වඩා වෙනස් ප්‍රතිපත්තියන් අනුගමනය කරන කෙනෙක් ,බදු බර අඩුකරන්න ඕන කියල .මහින්ද මහතාණෙනි,තවදුරටත් ජනතාව විශේෂයෙන් තරුණ පරම්පරාව ගොනාට අන්දන්න බෑ.හොදේ.ඔයාට තිබුණනෙ බදු බර පටෝපු අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න .ඒ නිසා තවත් සවුත්තු නොවී ගොන් ආතල් නොදී විශ්‍රාම ගන්න .ඔබලා පසුපස ආපු අපි ඊළඟ මැතිවරණයේදී රටට අවශ්‍ය නිවැරදිම තීරණය ගන්නවා.

ජනතා තරුණයෝ....

Post a Comment

0 Comments