යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පාලයඩි ප්‍රදේශයේ ගාල් කොට තිබූ ධීවර බොට්ටු දෙකකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කොට ඇතැයි ධීවරයින් පවසති.
පාලයඩි ප්‍රදේශයේ ධීවරයින් විසින් මුහුදු ගොස් පැමිණ ගාල්කොට නිවෙස් වෙතට යාමෙන් පසුව කිසියම් පිරිසක් විසින් බොට්ටු දෙකකට ගිනිතබා පලාගොස් තිබේ.
ගින්න හේතුවෙන් ඒක් බොට්ටුවක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර තවත් බොට්ටුවක් අඩක් ගිනිගෙන විනාශ වී ඇත.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා බොට්ටු දෙකම නැවත භාවතියට ගැනීමට නොහැකි අයුරින් විනාශ වී ඇති අතර අදාල ගිනිතැබීම සම්බන්ධයෙන් ධීවරයින් විසින් මරුතන්කේනි පොලීසියට පැමිණිළි කොට ඇති අතර පොලීසිය විසින් ගිනිතැබීම සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.
0 Comments