එජාපයේ දැඩි බෙදීම්.. මහ ලේකම්කම රවීට ඉල්ලයි…

 



එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය සම්බන්ධයෙන් එම පක්‍ෂය තුළ මේ වන විට බෙදීම් කිහිපයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

වත්මන් පක්‍ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාරටම එම ධුරය ලබා දිය යුතු බවට පිරිසක් දැඩිව පෙනී සිටියි.

තවත් පිරිසක් සඳහන් කරන්නේ එය හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබාදිය යුතු බවයි.

පක්ෂ මහලේකම් ධුරය පූර්ණ කාලීනයකුට ලබා දිය යුතු යයිද මතයක් නිර්මාණයේ තිබේ.

ජනවාරි මස අග වන විට පක්ෂයේ ප්‍රතිසංවිධාන කීපයක්ම සිදුවනු ඇති අතර එහිදී නිලතල ගණනාවක්ම වෙනස්වීමටද නියමිත බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments