ආසියානු කුසලාන අවසන් මහ තරගයේ පාවාදීමක්…?

 

ලංකාවේ උප ජනාධිපති තමන් යැයි ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානි සාගල රත්නායක මහතා සිතාගෙන සිටින බව ‍ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ක්‍රිකට් බේරාගන්න අවශ්‍යතාවයක් තිබුණේ නම් ඔහු ගතයුතුව තිබුණේ රොෂාන් රණසිංහ මහතාගේ පාර්ශවය බවද හෙතෙම කියා සිටියි.

ක‍්‍රිකට් ප්‍රශ්න ඇතිවූ අවස්ථාවල ජනාධිපතිට තමන් දුරකථන ඇමතුම් පහක් ගත්තත් එකක්වත් ප්‍රතිචාර නොදැක්වූ බවටද ඔහු චෝදනා එල්ල කරයි.

නාමල් රාජපක්‍ෂ මහතා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වන්නේ තම මාමාගේ වාහන ටික බේරා ගැනීමට බවටත් ඔහු හෙළිදරව් කරයි.

නිළියන් නිරූපිකාවන් රට සවාරි සඳහා ගෙනගිය පළමු අවස්ථාව මෙය නොවන බවද ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාරිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.

ආසියානු කුසලානය ඉන්දියාවට ලබාදීම සඳහා ජේෂාට අවශ්‍ය විදිහට ලංකාවේ තන තීරු වෙනස් කරාදැයි සැකයක් මතුව තිබෙන බවද පවසන ඔහු ලංකාවේ ජනාධිපතිවරයා වුණත් ජේෂාට අවශ්‍ය ලෙස නැටවෙන එක වැරදි බවත් තවදුරටත් එහිදී කියා සිටියේය.

Post a Comment

0 Comments