පුළුල් සංධාන කුමක් සඳහා ද?



 මේ වනවිට දේශපාලන බිමේ වැඩියෙන්ම කථා බහට ලක්වෙන මාතෘකාව බවට පත්වී තිබෙන්නේ "පුළුල් සංධාන" පිළිබඳ සාකච්ඡාවන්ය. 

එක් පසෙකින් සජබ මුල්වී නිදහස ජනතා සභාව හා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ කෙරෙන සාකච්ඡාවන්ය.අනෙක් පසින් රනිල් ,පොහොට්ටු හා දෙමළ ,මුස්ලිම් පක්ෂ සමඟ කෙරෙන සංධාන සාකච්ඡාය.

අනෙක් පසින් මාලිමාව සමඟ හා එක්වී හදන පුළුල්  සංධානක් පිළිබඳ  සාකච්ඡාවය.

මෙම සංධාන හැම එකකම මුඛ්‍ය පරමාර්ථය ඊළඟ මහා මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය ලබාගෙන ආණ්ඩු පිහිටුවීමය.

එහෙත් ජනතාවට තිබෙන අත්දැකීම නම් මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙන් පමණක් රටට සාර්ථක ආණ්ඩුවක් ලැබෙතැයි සිතීම මුලාවේ වැටීමකි.එහි මෑතකාලීන හොඳම උදාහරණය ඝෝඨාභයගේ ජයග්‍රහණයයි.ඔහු දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවත් අවු දෙකක් රට පාලනය කර ගැනීමට බැරිිවිය.

ඒ නිසා ඉතා බරපතල ලෙස සිතිය යුතු කරුණනම් කෙසේ හෝ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙන් පමණක් රටක් පාලනය කළ  නොහැකි බවයි.බලයට පැමිණිම එකම අභිප්‍රාය කරගත් සමහර දේශපාලනඟ්‍රයින්ට නම් එය වැදගත් වීමට පුළුවන.එහෙත් එයින්  රටට වැඩක් නැත.

ඒ නිසා ජනතාව බැලිය යුත්තේ බලයට පැමිණි පසු "රට ගොඩගන්නා ඉදිරි දැක්මක් හා වැඩ පිළිවෙළක් " සහිත සංවිධානය කුමක්ද යන්න වේ.

ඒ නිසා අපි සජිත්ගෙන් ඇසිය යුත්තේ ආණ්ඩුවක් ලබාගෙන ඔබ කරන්න යන්නේත් රනිල්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන එකද? මොකද රාජිත ,හර්ෂ ,ඉරාන් වැනි අය දැනටමත් පවසා ඇත්තේ අපේ ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක්  නොමැති බවත්,  අපි හිටියත් කරන්නේ  IMFප්‍රතිපත්ති ක්‍රියාවට නගන එක බවය.

මීළඟට සංධාන ගහන රනිල් ,පොහොට්ටු සංධානය ට පුළුල් ජන පදනමක් මහපොළොවේ නැත .එනිසා ඔවුන්ට සජීත් සමඟ සංධානයකින් මෙපිට ජයග්‍රහණයක් නොමැත .

මීළඟට හැදීමට ඉඩ ඇති ජනතාවගේ වි්ශ්වාසය වැඩියෙන්ම දිනා ගත හැකි ඊළඟ සංධානය වන්නේ  මාලිමාව ප්‍රමුඛ අනෙකුත් වාමාංශික පක්ෂ එකතු වූ සංධානය ය.

එහෙත් එය තවම ආරම්භ වී නැත.ලැබෙන ආරංචි මාර්ග අනුව එවැනි වමේ පුළුල් සංවිධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස වමේ පක්ෂ කීපයක්ම මේ වන විටත් ලිඛිතව ම මාලිමාවෙන් ඉල්ලීම් කර ඇති බවය .ලාල්කාන්තද පසු ගියදා ප්‍රකාශ කර තිබුණේ unp,සජබ ඇතුළු  දක්ෂිණාංශික බලවේගය එකට තියා පැරදවීමට නම් සියලු වමේ කොටස් එකතු කළ යුතු බවයි.එයින් ගම්‍ය වන්නේ එසේ නොවුනහොත් දක්ෂිණාංශික බලවේගය ජයග්‍රහණය කරන 

ඒ අනුව ආණ්ඩු බලය ලබාගෙන සිදුකිරීමට යන වැඩ පිළිවෙල රට හමුවේ තැබීමට මාලිමාව පෙරමුණ ගත යුතු බවත් ,ඒ සම්බන්ධයෙන් දැඩි බලපෑම්   සතර දෙසින් මාලිමාවට හා වමේ පක්ෂ වලට එල්ල වී ඇතැයි බවත් වාර්තා වේ.

ප්‍ර.පො.ජ.ව්‍යාපාරය ....

Post a Comment

0 Comments