බන්ධනාගාරවලට දැඩි ආරක්‍ෂාවක් යොදවයි..

 

බන්ධනාගාර ආශ්‍රිතව හෙට (24) සහ අනිද්දා (25) පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිනී දිසානායක මහතා පැවසීය.

අදාළ දිනවල නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා ඊට අදාල උපදෙස් ලබාදී ඇතිබව පැවසීය.

නත්තල් උත්සවය වෙනුවෙන් හෙට හා අනිද්දා බන්ධනාගාරගත රැඳවියන් හට විවෘතව අමුත්තන් පෙන්වීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර නීතිරිති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයිනේ සියලු බන්ධනාගාරවලදී එම කටයුතු සිදුකෙරෙන බව පැවසීය.

එක් රැඳවියකු වෙනුවෙන් ඥාති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී තිබේ.

සිරකරුගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් රැගෙන එන ලෙස දැනුම් දෙයි.

තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙස සිරකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments