ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය මෑතකදී වර්ධනය වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 2021 වසරට වඩා 2022 වසරේදී ජයග්‍රහණ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.
නමුත් කණ්ඩායම තරගයක් දෙකක් පරදින විට ක්‍රීඩකයන්ට බනින බවත් අනෙක් ප්‍රශ්න ද සාකච්ඡා කිරීම එහි දී ආරම්භ කරන බවත් එය කනගාටුවට කාරණාවක් බවත් හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
0 Comments