පෙට‍්‍රල් හිගයක්…

 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන හිඟයක් ඇතිබව ජනතාව පවසයි.
එම ඉන්ධනහල් වල වැඩිවශයෙන් පෙට්‍රල් හිඟයක් පවතියී.

ඒ අනුව මේවනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ ඉන්ධනහල් කිහිපයක පෙට්‍රල් නොමැති බව රියදුරන් පවසයි.

බද්දේගම අධිවේගී මාර්ග පිවිසුම අසල ඇති ඉන්ධන පිරවුම්හලේද පෙට්‍රල් නොමැති බව රියදුරන් සදහන් කරයි.

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ පැමිණ පිටතට ගමන් කරන වාහන සහ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පැමිණෙන වාහන රියදුරන් ඉන්ධන නොමැති වීමෙන් පීඩාවට පත්ව සිටීයි.

මේ අතර ඉදිරි දින කිහිපයේ වැඩි වශයෙන් රථවාහන ධාවනය කිරීමට නියමිතයි.

දීර්ඝ සති අන්ත නිවාඩු සහ උස්සව සමය හේතුවෙන් ජනතාව විනෝද චාරිකා යාම හේතුවෙනි.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කර සිටියේ උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් පවත්වාගන්නා ලෙස ඉන්ධන සමාගම් ලෙස උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඉන්ධනහල් තුළ 50%ක තොග මට්ටම් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඛණිජ තෙල් සංස්ථාවට,ඉන්දියන් තෙල් සමාගමට සහ සිනොපෙක් සමාගම් වලට උපදෙස් ලබාදුන් බව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments