මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් නඩු පැවරීමකින් තොරව කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.
ඒ සඳහා මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටියි.
අත්අඩංගුවේ පසුවන ධීවරයන් අතර රෝගීන් සිව් දෙනෙකු සිටින බව පැවසීය.
සැම වසරකම ශ්‍රී ලාංකික ධීවරයින් අනවසර ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් මියන්මාර රජය මගින් අත්අඩංගුවට ගනීයී.
මියන්මාර මුහුදු සිමා උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් ධීවර යාත්‍රා දෙකක් සමග එලෙස අත් අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව 15 දෙනෙකි.
අදාළ පිරිස මීට මසකට පමණ ඉහතදි රයන්පුතා හා ලෝරන්ස් යන ධීවර යාත්‍රා මගින් කල්පිටිය හා මිගමුවෙන් ධීවර කටයුතු සඳහා ගොස් තිබේ.
පසුගිය 02 වැනිදා අදාළ ධීවයින් මියන්මාර රජය මගින් අත් අඩංගුවට ගෙන ඇතිබව වැඩිදුරටත් පැවසීය.

0 Comments