ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජ්‍ය පාලනය පිළිබඳව තමන් තුළ පැහැදිමක් නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
නමුත් පොදුජන පෙරමුණ එළඹෙන මැතිවරණ එතෙක් ජනාධිපතිට සහයෝගය ලබාදෙනු ඇතැයිද හෙතෙම පැවසීය.
මෙරට ආර්ථිකය රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනඟනු ඇතැයි තමන් කිසිම විශ්වාසයක් නොකරන බවද හෙතෙම පෙන්වා දෙයි.
පොදු ජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයේම අයෙක් ඉදිරිපත් වන බවත් කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ අපේක්ෂකයා නොවන බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරග නොකරන බවද කියා සිටියේය.
ඔහු මෙම කියා සිටියේ මත්තල ගුවන් තොටුපලේදී මාධ්‍යවේදීන් අමතමිනි.

0 Comments