බෝනස් නොදුන්නොත් ශ්‍රී ලංගම වැඩ වර්ජනයේ..

 


වාර්ෂික ප්‍රසාද දීමනාව පිළිබඳව මේ වනවිටත් විෂය භාර ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් ,දෙසැම්බර් 25 ට පෙර ශ්‍රී ලංගම සේවකයන්ගේ රුපියල් 20,000/=ක වාර්ෂික ප්‍රසාද දීමනාව ලබා නොදුනහොත්,ලබන වසරේ ජනවාරි සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානමින් සිටින බව සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ පවසයි.

ප්‍රසාද දීමනා ලබානොදෙන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනටමත් මාධ්‍ය වලට කියා ඇති බව පැවසූ සංගමයේ ලේකම්වරයා මේ හේතුවෙන් ලංගම සේවකයන් දැඩි නොසන්සුන්තාවයටත්,කළකිරීමටත් පත්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය .

ලංගම පාඩු ලැබුවානම් පාඩු ලැබුවේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඟ්‍රයන් නිසා බවත්,බන්දුලගේ මැදිහත් වීමෙන් ඇරඹූ "සිටි බස් සේවය නිසා ලංගමට ලක්ෂ 80 ක පාඩුවක් සිදුවූ බවද ⁣වෘ.ස.ලේකම්වරයා වැඩි  දුරටත් පැවසීය ...

Post a Comment

0 Comments