එළඹෙන ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුවනු ඇතිබවට අදහස් පළවූ ද එවැන්නක් සිදු නොවන බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පැවසීය.
එවැනි සංශෝධනයක් සිදුකර හැක්කේ පෙබරවාරි මාසයේ අගදී බව පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
එහි සාකච්ඡා පවත්වා තීරණයකට එළඹීමට සති 06ක පමණ කාලයක් ගත වන බව පැවසීය.
කෙසේ වෙතත් පවතින තත්වය තුළ විදුලි බිල අඩුවනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.

0 Comments