උණු වතුර වීදුරුවක් රුපියල් සීයයි..

 

උණුවතුර වීදුරුවක් සඳහා රුපියල් සීයක් අය කරන ලද බිල්පතක් වන විට සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ.

යාපනය ප්‍රදේශයේ අවන්හලකින් ආහාර ලබාගත් පිරිසක් සඳහා ගාස්තුව ලෙස රුපියල් 22,000ක් ලෙස දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ උණුවතුර සඳහා ගාස්තු අය කිරීමේ ක‍්‍රමයක් පාරිභෝගික පනතේ හෝ නැති බවයි.

Post a Comment

0 Comments