දයාසිරිත් සජිත්ට සෙට් වෙයි..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇතැයිද පැවසේ.

බොහෝ දුරට දයාසිරි ජයසේකර මහතා ඉදිරි දේශපාලනය සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග සිදු කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කර ඔහුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වයද අත්හිටුවා තිබේ.

Post a Comment

0 Comments