බෝලෙට ගහන්න කියාදෙන්න දිල්ෂාන් ක‍්‍රිකට් පුහුණුකාර ධුරයට එයි..

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුරට අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

දිල්ෂාන් සඳහන් කරන්නේ තමන්ට අදාළ තනතුර ලබා දුන්නොත් වසර තුනක සැලසුමක් යටතේ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන අංශය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමට සූදානම් බවයි.

මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරැ වන ක්‍රිස් සිල්වර්වුඩ් හැර සෙසු සියලු පුහුණුකරුවන් ඉදිරියේදී වෙනස් කිරීමට ලක්වනු ඇති බවයි.

ඒ අනුව චමින්ද වාස්, උපුල් චන්දන, රංගන හෙරත්, අවිෂ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි හා ටී.එම්. දිල්ෂාන් වැනි අයට එම තනතුරැ ලබා දීමට සැලසුම් කර ඇත.

Post a Comment

0 Comments