පළමුව මහා මැතිවරණය .ස්ථිරයි?

 


මීළඟ මැතිවරණය කුමක්ද යන්න තීරණය කරන්නේ බලයේ සිටින ජනාධිපතිවරයා හෝ බලයේ සිටින කංඩායම වේ.එහෙත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය 2024 ඔක්තෝබර් 17 ට කලින් පැවැත්විය යුතුමය.එයද මගහැර ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය අහෝසි කිරීමේ සූදානමක් ගැනද  පසුගියදා අසන්නට ලැබුණි.එහෙත් එය එතරම් පහසු හෝ සුමට කටයුත්තක් නොවන බව කාටත් වඩා රනිල් දනී.

       මෙම තත්ත්වය තුල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හා පොහොට්ටුවට ඇති වඩාම වාසිදායක මැතිවරණය මහමැතිවරණය පැවැත්වීම බවට තීරණය කර ඇති බව වාර්ථාවේ.

එයට හේතු ගණනාවකි. ජනාධිපතිවරණයකදී සජබ සහාය නොදෙන්නේ නම් පොහොට්ටුවේ චන්ද වලින්  රනිල් ට ජනාධිපති වීමට  නොහැකි වීම පළමු කරුණය .ජනාධිපතිවරණය සජිත් ,රනිල්,අනුර තුන්කොන් සටනක් වුවහොත්,ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟය තීව්‍ර වී තුන්වන අපේක්ෂකයා පැත්තකට විසිවේ. ජනාධිපතිවරණ ඉතිහාසය දෙස බැලූවිට එය මනාව තහවුරු වේ.එයද රනිල් හොඳට දනී.එසේම ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගේ පක්ෂය මහමැතිවරණය ද ජයග්‍රහණය කිරීම සාමාන්‍ය දෙයකි.අනුර දිනුවොත් රනිල්,පොහොට්ටු අන්ත පරාජය කට ගමන් කරනු ඇත.ඒ අනුව  ජනාධිපති බලය තබාගෙන මහමැතිවරණයට යාම වාසිදායක බව රනිල් ඇතුළු පොහොට්ටු කංඩායම සිතයි.බරපතලම කාරණය වන්නේ පාවෙන ඡන්ද වලින් ලක්ෂ 40 ක් පමණ තවමත් විකල්පව කුමක් කළයුතු දැයි විමසමින් සිටීමයි.මෙම ඡන්ද ලක්ෂ හතලිහෙන් බහුතරය ඇදගන්නා පක්ෂය ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කරන බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.ඒ ඡන්ද කොහේට පාවිච්චි වෙයිද  කියා රනිල්ට ෂුවර් නැත. මේ සියලු කාරනා මහමැතිවරණයක් මුලින්  පැවැත්වීමට තීරණය කිරීමට හේතු වී තිබේ.

රනිල් ඇතුළු ආණ්ඩුව  සිතන්නේ මහ මැතිවරණයකදී වෙන වෙනම තරඟ කළත් සජබ,පොහොට්ටු ,ශ්‍රී ලංකා හා  UNP එකතුවී ඔවුන් ට පාර්ලිමේන්තුව තුල 113 ක් හදා ගත හැකි  බවය.ඊට පසුව ජනාධිපතිවරණයට සජිත් දමා ඔහුට සහායදී රනිල්ට  නැවත අගමැතිවී පාර්ලිමේන්තු වට පැමිණිය හැකි බවය.

එහෙත් දේශපාලන විචාරකයන් පවසන්නේ පාවෙන ඡන්ද මාලිමාවට ඇද ගැනීමට වැඩි හැකියාවක් ඇති බවයි .එසේ වීමට  නම් ඔවුන් වහාම වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කර පුලුල් ම වාමාංශික හා ප්‍රගතිශීලී සංධානයක් හැදිය යුතු බවත් එය තවත් ප්‍රමාද කරන්නේ ඇයිද යන්න ගැටලුවක් බවයි .

එසේ  නොවුන හොත් දක්ෂිණාංශය නැවත බලය තහවුරු කරගනු ඇත යන්න  ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.


වම් ඉවුර...

Post a Comment

0 Comments