ක්රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් පිළිබඳව වන පෙත්සම් විභාගය අවසන් කිරීමට අද අභියාචනාධිකරණය තීන්දු කළේය.
නමුත් ඉදිරියේදී සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් ඇතිවුවොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදීමටද නියෝග කළේය.
රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණේ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු පිරිසකි.
කෙසේ වෙතත් නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින් අදාළ අතුරු කමිටුව අත්හිටුවීමට කටයුතු කර ඇත.
ක්‍රිකට් පාලනය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය උත්සන්නම තත්ත්වයට පත් වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රොෂාන් රණසිංහ මහතා දරන ලද අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීය.


0 Comments