ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගන්නේ නම් අවම වශයෙන් තවත් අවුරුදු දහයක ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් හිටපු ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන පවසයි.
2027 ලෝක කුසලානය සඳහා වඩාත් සුදුසු නායකයා දැන්ම සොයා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.
තේරීම් කමිටු සාමාජිකයන් වෙනස් කිරීම මගින් ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ වෙනස් කළ යුතු බවත් මෙය කාලාන්තරයක් තිස්සේ විය යුතුව තිබූ දෙයක් නමුත් ශ්‍රී ලංකාව එය හඳුනා නොගැනීම කනගාටුවක් බවත් හෙතෙම කියා සිටී.
ශ්‍රී ලංකාවට වඩා පහළ සිටි රටවල් දැනටමත් ශ්‍රී ලංකාව පසුකර ඉදිරියට ගොස් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.


0 Comments