හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ් කෙරේ…

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්පත මහතා මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්වරිය විසින් එළැඹෙන 27 වන දින තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

අද පස්වරුයේ රහස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ මතභේදාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවය.

අදාළ පරීක්ෂණවල ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද රහස් පොලිසිය වෙත කැඳවා තිබූ ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.

Post a Comment

0 Comments