ජනවාරි මාසයේදී තවත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජනවාරි මස පස් වන දා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගර ගවේෂණයක නිරත වීමට මෙම නෞකාව කටයුතු කරමින් ඇති බවද හින්දුස්ථාන ටයිම්ස් පුවත් අඩවිය කියා සිටී.
එම කාලයේදී ශ්‍රී ලංකාවේ හා මාල දිවයිනේ නැංගුරම් ලෑමට අදාළ නෞකාව කටයුතු කරනු ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් මෙන්ම මාල දිවයිනෙන් ද ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය.
මේ පිළිබඳව ඉන්දීය රජය කනස්සල්ල පළ කර ඇති අතර ඉන්දීය සාගර ගවේෂණ කටයුතුවලට අවසර දීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද සඳහන් කර ඇත.

0 Comments