දේශබන්දු පොලිස්පති කරන්න වෙහෙසුනේ මමයි.. විරුද්ද වුනේ කුඩු ජාවාරමුන්ගේ නීතීඥයන්…

 

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හා තමන්ට සමාජ මාධ්‍යවල විශාල වශයෙන් පහර දීමක් සිදු කරමින් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

ඒ අතර වැඩි පිරිසක් සිටින්නේ ආගමික නායකයන් හා නීතිඥවරුන් බවද හෙතෙම පැවසීය.

දේශබන්දු දෙන්නකෝන් මහතා පොලිස්පති කිරීමට වෙහෙසුනේ තමන් බවට සමාජ මාධ්‍ය වල වාර්තා පළවූ බවත් එය සත්‍යයක් බවත් පැවසූ අමාත්‍යවරයා තමනට අවශ්‍ය වූයේ කොළඹ ප්‍රශ්න විසඳූ ආකාරයටම රටේම ප්‍රශ්න විසඳීමට බවත් වත්මන් පොලිස්පතිවරයා සමග එම ප්‍රශ්න විසඳිය හැකි බව තමන් විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කිරීමට විරුද්ධ වූ නීතිඥවරුන් මත්ද‍්‍රව්‍ය ජාලයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් අධිකරණයේ පනවා ඇති නඩුවලට පෙනී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා බිලියන ගණනක මුදල් ද ඔවුන් උපයා ගන්නා බවත් හෙතෙම පැවසීය.

මාතර ප්‍රජා පොලිස් ඒකකය දැනුවත් කිරීම සඳහා පැවති හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Post a Comment

0 Comments