රජයට වැට් බද්ද වැඩි කරනවා වෙනුවට වෙනත් විසඳුම් වෙත යා හැකිව තිබූ බවත්, බදු පරිපාලනය ශක්තිමත් කර බදු දැල පුළුල් කිරීම මෙන්ම බදු සහන තුළින් නිසි ප්‍රතිලාභ ලැබුනාද යන්න සොයා බැලීය යුතු බවත් විපක්ෂ නායක සජිත් පේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
‘මෙම නව වැට් බදු සංශෝධනය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය, දරුවන්ගේ පෝෂණ අංශය, ධාන්‍ය ආහාර වර්ග දේශීය කිරි නිෂ්පාදන, දේශීය කර්මාන්ත අංශය, කෘෂිකාර්මික උපකරණ, ධීවර උපකරණ ආදියේද බදු වැඩි කර ඇති අතර, මෘදුකාංග නිර්මාණකරුවන්ට පවා වැට් බදු වැඩි කිරීමක් සිදු කර තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ඩිජිටල් විප්ලවයක් කරා ගමන් කරන්නේ කෙසේද.
රජය විසින් පරාටේ නීතිය හරහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි වන තත්ත්වයට ඔවුන් ඇද දමා තිබෙනවා.
එමෙන්ම, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් ගත් ණය නිසි පරිදි අයකර නොගැනීම නිසා ඒවා බොල් ණය තත්ත්වයට පත් වී තිබෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරිමට නම් රටෙන් සොරාගත් මුදල් සහ දේපල යළිත් රටට ලබා ගැනීමට කටයුතු කළ යුතුය, ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ රට බංකොලොත් කළ කණ්ඩායමෙන් රටේ ජනතාවට වන්දි ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය.
වැඩි විය යුත්තේ ප්‍රගතිශීලී බදු වුවත්, මේ තුළින් ප්‍රතිගාමී බද්ද වැඩි වීමක් සිදු ඇති බවත්, එමෙන්ම අයි. එම්. එෆ්. දෙවැනි වාරිකය ප්‍රමාද වුයේද නිවැරදි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් බවත්, එබැවින් බදු දැල නියමාකාරයෙන් ක්‍රියාත්මක කර බදු සහන ලබාදීම පිළිබඳවද නැවත සොයා බලා පසුගිය සමයේ අහිමි වූ රාජ්‍ය ආදායම නැවත පෙර පරිදිම ලබාගත යුතුය.


0 Comments