උත්සව සමයේ බීළුණු මිල වෙළඳපොලේ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට බී ළුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් පමණ වෙයි.
උත්සව සමයේ අධික ඉල්ලුම මෙන්න ඉන්දියාවෙන් ලොකු ලුණු අපනයනය සීමා කර තිබීමද මීට බලපා ඇත.
කෙසේ වෙතත් බී ළුණු සඳහා මිල මාෆියාවක් ක්‍රියාත්මක වන බැවින් මාසයක කාලයක් බි ළුණු පරිභෝජනයෙන් ඉවත් වුවහොත් මෙම මාෆියාව බිඳ දැමිය හැකි බව ජාතික කාන්තා එකමුතුව පවසයි.
රජයක් ලෙස බී ළුණු සඳහා පාලන මිලක් දැමිය නොහැක්කේ මන්දැයි එහි සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය ප්‍රශ්න කරයි. මාසයක් නොකා වර්ජනය කර කළහොත් ලූනු මාෆියාවට වෙන දේ බලා ගත හැකි බවද ඇය කියා සිටියාය.
බී ළූණු සඳහා පාලන මිලක් නොපනවන්නේ ආනයනකරුවන් හා රජයේ ඇමතිවරුන් අතර ගණුදෙනුවක් නිසාදැයි ඇය ප්‍රශ්න කළාය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කරන ලදී.


0 Comments