ආර්ථික බලවතා බවට පත් වී සිටිනවා. ඉන්දියාව ඒ විපත සැපත බවට පෙරළා ගත්තා. විපතක් සිදු වුණාට පසුව තමයි පොදු සමාජ විඥානය බලගන්වන්න පුළුවන් වෙන්නේ. අපේ ජාතියත් හැම වෙලාවකදීම එකමුතු වෙලා තියෙන්නේ විපතකදී මිසක් සැපතකදී නොවෙයි. නමුත් අද මේ විපත නැඟීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරගන්නවා වෙනුවට එය පාවිච්චි වෙනවා පරිබාහිර බලවතුන්ගේ අපට අහිතකර පරමාර්ථ, ඉල්ලීම්, අරමුණු සපථ කරගන්න.
මානසික බාධාවන් පරදවමු!
විදෙස්ගත ශ්‍රී ලාංකික ඔබ ශ්‍රී ලාංකික සමාජය තියුණු අභියෝගවලට මුහුණ දෙන හැම වෙලාවකම ඒ අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය ධෛර්යය, ශක්තිය, ප්‍රඥාව ලබා දී තිබෙනවා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදවන සටනේදී, සුනාමි විපතේදී, රණවිරුවන්ට එරෙහි යෝජනා ජිනීවාවලට රැගෙන එන විටදී ඔබලා රට වෙනුවෙන් උපරිම කැප කිරීමක් සිදු කළා. නමුත් මේ මොහොත වන විට තමන් මුහුණ දුන් නීරස අත්දැකීම් නිසා ඒ පැවති උනන්දුව, කැප කිරීම ඇතැමුන් තුළ හීන වෙමින් යනවා. එයට ජය ගැනීමට ඉඩ දිය යුතු නැහැ. මේ මොහොතේ ක්‍රියාත්මක වන එක දෙයක් තමයි මානසික බාධාවන් පැනවීම. ඊට අපි යටත් විය යුතු නැහැ. මේ අර්බුදයෙන් අපි එළියට ආ යුතුයි.
“ජනාධිපතිවරණය : කළ යුත්තේ කුමක්ද?”
ඒ නිසා අපි ‘සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම එකතු වෙලා රට හදමු!’ කියන මතය දරන, ජාතිවාත්සල්‍යයෙන් පණ පෙවුණු, දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල දේශපාලන මඟපෙන්වීම, දේශපාලන නායකත්වය ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතුයි. ඒ අවස්ථාව කිසිදු ජාතිවාත්සල්‍යයකින් තොර විවිධ අපේක්ෂකයන්ට කොල්ලකන්න ඉඩ දුන්නොත් එමගින් ලැබෙන්නේ අපි ඉහත පෙන්වා දුන් අනතුරුදායක ක්‍රියාවලියේම තවත් දිගුවක් මිස වෙන කිසිවක් නොවෙයි. ඒ නිසා අපි සියලුදෙනාම එකතුවෙලා මේ තීරණාත්මක කඩයිම පනින්න සූදානම් වෙමු! මේ සතුරු වටලෑමෙන් අපේ රට බේරාගන්න සූදානම් වෙමු! මේ විෂම පීඩාකාරී තත්ත්වය පාවිච්චි කරලා රටේ අනාගතය බිලිගැනීමට මාන බලන මෙහෙයුම තීරණාත්මකව පරාජයට පත් කරමු! රටේ අනාගතය ගොඩනගන පාර අලුතෙන් කපන්න සූදානම් වෙමු! ඒ සඳහා ඔබ සියලුදෙනාට ධෛර්යය, ශක්තිය, යෝධ බල, යෝධ වීර්ය නොඅඩුව ලැබේවා’යි පතනවා!
ඒ වගේම මේ කටයුත්ත සාර්ථකව සංවිධානය කළ ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානි කමිටුවේ සභාපති වජිර කමල් සමරක්කොඩි, ලේකම් පතිරණ ජයවර්ධන ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ට මාගේ හෘදයාංගම කෘතවේදිත්වය පිරිනමනවා”

0 Comments