ලබන වසරේ කුමන මැතිවරණයක් පැවතියද රනිල් පොහොට්ටු සංධානයට හා සජිත් ජී.එල්,ඩිලාන් සංධානයට මුක්කුවක් නොවී මාලිමාව,උත්තර ලංකා ,ඩලස් ඇතුළු සියලු වමේ හා ප්‍රගතිශීලී බලවේග එකතුකර මැතිවරණයට මුහුණදී අධිරාජ්‍ය විරෝධී හාIMF ප්‍රතිපත්ති පිළිනොගන්නා වමේ බලයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස ප්‍ර.වාම ව්‍යාපාරය සියලු වමේ පක්ෂ වලට බලකර සිටී. වෙන් වෙන්ව තරඟ කර අධිරාජ්‍යවාදීන් ගේ උවමනාවන්ට ගැලපෙන ලෙස සිය දේශපාලන භුමිකාව රඟදක්වනවාද?නැද්ද යන්න පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලාසිටින බව එම ව්‍යාපාරය පවසයි .
මේ මොහොතේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය නම් ,මේ ජනතා විරෝධී සහ ජාතික යහපතට සතුරුවූ රනිල් පොහොට්ටු ආණ්ඩුව පරාජය කිරීමත්,සජිත් ප්‍රමුඛ සංධානයට ඉඩ නොදීම බවත් පවසන එම ව්‍යාපාරය ,වාමාංශික ජනතා ව්‍යාපාරයට හරස් කපමින් වාමාංශික සමඟිය බිඳදමා දැන හෝ නොදැන අධිරාජ්‍යවාදී බලවේගයන් ගේ මුක්කුවක් ලෙස ක්‍රියා නොකරන ලෙස මාලිමාවටත්,උත්තර ලංකා සභාගයෙනුත්, ඩලස් කංඩායමෙනුත් තරයේ ඉල්ලා සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී වාම ව්‍යාපාරය පවසයි.ඒ අනුව කල් නොයවා බලයට පැමිණි පසු ක්‍රියාවට නගන වැඩපිළිවෙළ සාකච්ඡා කර රට හමුවේ තබන ලෙස ද එම ව්‍යාපාරය වැඩිදුරටත් පවසා ඇත .

0 Comments