ඉංදීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලංකාවේ පිහිටුවීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක යෝජනා කර ඇත .ඔහු මෙම යෝජනාව කර ඇත්තේ මොරිසස් දිවයිනේ කලාපීය රටවල් එක්ව ඉකුත් දා පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදීය.ඒ අනුව ඉංදීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලංකාවේ පිහිටුවීමට කලාපීය රටවල් තීරණය කර තිබේ .සාගර කලාපය තුල අපේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශනයද මෙහිදී එළිදක්වා ඇති බව සැලය.
මෙහි ඇති භූ දේශපාලනික බලපෑම පිළිබඳ කථිකාවක් මතුවිය යුතු බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ..

0 Comments