අද රටත් ජනතාවත් සිටින්නේ පරිවර්තන යුගයක් අබියස බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ලෝකය තුළ මිනිසුන්ට ජීවත්වීමට සුදුසුම කාලය වගේම හොඳම කාලය මේ පරිවර්තන යුගය බවද හෙතෙම පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ කඩුගන්නාවේදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
‘රටේ ජනතාව දැන් ජීවත් වෙන්නේ ලොකු පීඩාවකින්. ඒ පීඩාව රටේ වැඩ කරන ජනතාවට දරාගන්න බැහැ. සරල වැටුප් වැඩි කිරීමකින් ඒ පීඩනය දුරු කරන්න බෑ.
ඉමක් පේන්නේ නැති විශාල ආර්ථික පීඩාවක් ඇති වෙලා සමාජය ඛේදවාචකයක් වෙලා තියෙන්නේ. එනිසා අපි මේකෙ අවසානයක් දකින්න ඕනා.
අපි කවුරුත් දන්නවා අපිට සහතික කරලා කියන්න පුළුවන් අපේ ජනතාව විඳින මේ පීඩාව තව මාස දහයකින් අවසන් කරලා අලුත් ජීවිතයක් ආරම්භ කරනවා කියල’


0 Comments