රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධයේදී යුක්‍රේනය වෙනුවෙන් සටන් වැදීම සඳහා මෙරට තවත් විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන් පිරිස් යුක්‍රේනය බලා ගොස් ඇතැයි ඇතැයි වාර්තා වෙයි.
දැනටමත් මෙම පිරිස යුක්‍රේනය වෙත ගමන් කරමින් සිටින අතර ඔවුන් රුසියාවට එරෙහිව ඉදිරි ආරක්‍ෂක වලල්ලේ යුධ පෙරමුණට එවීමට නියමිතව තිබේ.
මෙම පිරිස ශ්‍රී ලංකාවේ හමුදාවෙන් විශ්‍රාමගේ පිරිස්වන අතර ඉහළ දීමනා ලබා දීම හේතුවෙන් යුක්‍රේණය වෙනුවෙන් සටන් වැදීමට නියමිතව ඇත.
එසේ යුක්‍රේනය වෙනුවෙන් සටන් වැදුනු ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් තිදෙනකු රුසියානු ප‍්‍රහාරවලින් මරණයට පත් වී ඇත.
0 Comments