මේ ආණ්ඩුව ජලය විකිණීමේ මූලික සැලසුම් සකස් කර අවසානයි.ජල සම්පත් කළමණාකරණ පනත නමින් පනත් කෙටුම්පතකට කැබිනට් මණ්ඩල අනුමතිය ලැබී ඇත .රනිල් මීට කලින් රජයේද ජලය විකිණීම සඳහා ඇමතිවරු හතරක් පත්කළා.එසේ කළේ එවිට ඊට විරුද්ධව නැගෙන විරෝධය බෙදී යන නිසා.ඒ වකවානුවේ එයට විරුද්ධව ලොකු විරෝධයක් නැගුව නිසා එය අකුලා ගත්ත .මේ ගේන්න ඉන්න පනත සම්මත වුනොත් කෙනෙකුට ගංගා වල ජලය පවා පාවිච්චි කරන්න බැරි වෙනව.ගඟකට බහින්න අවසර ගන්න වෙනව.ඒ විතරක් නෙමේ භූගත ජලය පාවිච්චි කරන්නත් බැරි වෙනව.ලිඳක් කපන්න ලයිසන් ගන්න වෙනව.ලෝක බැංකුවේ,IMFඑකේ උපදෙස තමයි උඹලට සල්ලි ඕනනම් වතුර විකුණපියව් කියන එක.එදා අනුර කුමාරට වාරිමාර්ග දීල සිරිසේනට දුන්නා ජල කළමනාකරණය .අනුර කුමාරවත් ගොනාට අන්දවල එදා මේක ක්‍රියාත්මක කරන්න හැදුව.
මේ පනත ඉතා භයානක පනතක්.අල්ලපු ගෙදර මිනිහට වතුර ටිකක් දුන්නත් හිරේ දාන්න පුළුවන් .දඩ ගහන්න පුළුවන් .මේ පනත මගින් ජල කළමනාකරණ අධිකාරියක් හා ජල ලේකම් කාර්යාලයක් පිහිටුවල ජලයත් විකුණන්නයි මේ යන්නෙ.මේ බිහිසුණු අපරාධය වැලැක්වීමේ වගකීමක් අපි හැමෝටම තියෙනව. මෙයට පොදුජන පෙරමුණත් හවුල් යැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා අද පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවේදී පැවසීය .මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රකාශකයකු පැවසුවේ එළඹෙන පළමු අවස්ථාවේදීම රනිල් පොහොට්ටු හවුල් පාලනය බිඳ නොදැම්මොත් ලංකාවට වතුර විතරක් නෙමෙයි ලංකාව කියා රාජ්‍යයක් ද ඉතුරු නොවෙන බවයි...

0 Comments