ජනවාරි පළමුවැනිදා සිට මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් ඉහල යාමට නියමිතව තිබේ.
ඒ මෙතෙක් රථ වාහන සඳහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි සඳහාද අය කිරීම හේතුවෙනි.
18%කින් යතුරුපැදියක මිල ඉහල යාමත් සමග මෙරට ජනප්‍රියම යතුරුපැදියක් වන CT100 වර්ගයේ යතුරු පැදියක් රුපියල් ලක්ෂ හතක් පමණ වනු ඇති බව අලෙවි නියෝජිතයන් කියා සිටිති.

0 Comments