ලංකාව දෙවැනි කඩඉමත් පනී.. IMF සෑහේ.. දෙවැනි වාරිකයත් නිදහස් කරයි..

 

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ දෙවැනි වාරිකය වහාම නිදහස් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඊයේ පැවති එම අරමුදලේ විධායක කමිටුව විසින් මෙන්ම අනුමැතිය ලබා දී ඇත.

එය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට කිරීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේ පැව.ි විධායක කමිටුවේදී ‍අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය.

ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවැනි වාරිකය ලබාදීමට අනුමැතිය ලබාදෙන බවත් කමිටුව සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments