පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා පවසයි....
බදු අය කරගෙන යන මේ ගමන අපිට පහසුවෙන්නෙ නෑ.ඒ කියන්නේ IMF වැඩ සටහනෙන් අපිට ගොඩ එන්න බැහැ.ඒකට හේතුව IMF වැඩ සටහනේ තියෙන කොන්දේසි දෙකක් නිසා.
එකක් තමයි මේ අර්බූදයෙන් ගොඩඒමට ඔවුන් අපිට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ලබාදී නැහැ.ඩොලර් බිලියන 3 දෙනවා .අවුරුදු හතරක් ඇතුලත .ටික ටික.මෙය ණය නැවත ගෙවීමේ හැකියාව වර්ධනය කිරීමට ඇත්තටම ප්‍රමාණවත් නැහැ.
IMF එක මුලින්ම කරන්න තිබුණේ විශාල ආධාරයක් දෙන්න .නැතුව ණයක් නෙමේ.ඒකට අපි කියනවා ආර්ථිකය ගලවා ගැනීමේ පැකේජය කියලා.එතකොට ඒ ආර්ථිකය ගලවා ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙලා තිබුණා.අපිට ඇත්තටම ඒ වෙලාවෙ තිබුන වර්ෂයක තිබුන ණය වලින් බාගයක් ගෙවන්න .ඒ කියන්නේ බිලියන පහක විතර ආධාරයක් .ඒ වෙලාවෙ යම් මුදලක් IMF පොම්ප කළානම් මේ ගැටලුව අපට විසඳගන්න තිබුනා.නමුත් IMF එක එසේ නොකර ටික ටික මුදල් දීලා රට ඇතුලේ මිනිසුන් මිරිකලා අරන් මේ ප්‍රශ්නය විසඳන්න හදනව.එයින් ආර්ථිකය ගොඩගන්න අමාරුයි .මෙහිදී ශ්‍රී ලංකා රජය හා IMF වැඩ පිළිවෙලින් මේ වතාවේ අපිට මේ ආර්ථිකය ගොඩනගාගන්න බැහැ.ඒ තුල ජනතාව බලාපොරොත්තු වන ඉක්මන් විසඳුමක් ලබා ගන්න බැහැ.මෙහිදී ආණ්ඩුව ජනතාවාදී වී ජනතාවගේ පැත්තේ සිට ප්‍රශ්න දිහා බැලුවොත් විතරයි මේ ආර්ථික ගැටලුව විසඳගන්න පුළුවන් ..


0 Comments