ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායක තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය අලෙවි වී තිබේ.
ඔහු මිලට ගෙන ඇත්තේ සන්රයිස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසිනි. ඒ ඔහු අලෙවි වූ කාණ්ඩයේ අවම ලංසුව වන ඉන්දීය රුපියල් කෝටි එක හමාරකට මුදලකටයි.
ඔහු වෙනුවෙන් වෙනත් කිසිම කණ්ඩායමක් ලංසු ඉදිරිපත් කලේ නැත.
පසුගිය තරග වාරයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිදු මෙවර තරගාවලියේ වෙන්දේසිය සඳහා ඔවුන් විසින් මුදා හැර තිබින.
පසුගිය වසරේ ඔහු ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අලෙවි වූයේ රුපියල් කෝටි 10.75කටයි.


0 Comments