නව "වැට්" බදු සංශෝධනයත් සමඟ ලබන ජනවාරියේ සිට සියලුම භාණ්ඩ වැට් බද්දට කරනු ඇතැයි තමාට දැන ගන්නට ලැබී ඇති බවත් ,පාසැල් දරුවන්ගේ අධ්‍යාපන පොත් සහ පාසැල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත් ,සභානායක ඇමති සුසිල් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය .වැට් තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශයන් බවත් ,මෙතෙක් වැට් නැති භාණ්ඩ වලටත් මේ සංශෝධනයෙන් වැට් වැටෙන බවත් ඔහු පැවසීය .
මේ පිළිබඳව අදහස් දැක්වූ මහරගම වෙළඳ පොළේ සුලු වෙළන්දන් පැවසුවේ මේ වර්ෂය ඇතුලත පමණක් විදුලි ගාස්තු තුන් වතාවක් වැඩි කළ ආණ්ඩුව ,ගෑස් ,තෙල්ද කීප ගුණයකින් වැඩි කළ බවත්,ඒ හේතුවෙන් භාණ්ඩ මිළ අහස උසට නැග ඇති තත්ත්වයක් තුල ජනතාව අන්ත අසරණ තත්ත්වයට වැටී ඇති බවත් ,තමන් ඡන්දය දී පත්කළ සුසිල් ලා ඇමති කට්ටට වහල්වී පාර්ලිමේන්තුව තුල වැල් බයිලා ගැහුවට තමන්ලාට කිසිදු සෙතක් ලැබී නැති බවත් ,තමන්ලා බලාගෙන ඉන්නේ ලබන වසරේ මීළඟ මැතිවරණය එනතෙක් බවත් පැවසීය .
0 Comments