මූලික වශයෙන් ආර්ථික අර්බුදයත් සමඟ තවදුරටත් බදු අයකරගැනීම ආර්ථිකයට ඍණාත්මකව බලපානව කියන කාරණය විවාදයකින් තොරව පිළිගන්න වෙනව.තිබෙන අභියෝගය තමයි විශේෂයෙන් රජයේ ආදායම් වියදම් අතර පරතරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවෙලා තිබෙන සාර්ව ආර්ථික රටාව තුල ඒ ඉලක්ක වලට ලඟාවන්නේ කොහොමද කියන කාරණයයි.ණය ප්‍රතිව්‍යුහගතකරණය අසාර්ථක වුනොත් කෙටිකාලීනවවත් ආර්ථිකයට ඉදිරිගමනක් නෑ.
බදු අයකර ගත්තත් වැඩක් නෑ දැනට තිබෙන රාජ්‍ය වියදම තවදුරටත් නිසි කළමනාකරණයක් නිසි අධීක්ෂණයක් නොකලොත්.නැත්නම් Rationalize කියන කාරනාව .මිනිස්සුන්ට බදු පටවල ඒ බදු මුදල් වලින් පාලකයො විවිධ වරප්‍රසාද භුක්ති විඳිමින් ,බදු මුදල් වෙනත් ඵලදායි නොවන දේ සඳහා වියදම් කරනවා නම් සමාජයක් විදියට ඒවාට හරස් විය යුතුයි .
මේ වැට් එකත් සමඟ ලංකාවේ බදු සීමාව උපරිම මට්ටමට ඇවිල්ල ඉවරයි.මේ විදියෙ බදු වල තිබෙන දේ තමයි විශාල විදිහට අවිධිමත් ආර්ථිකයක් ප්‍රවර්ධනය වීම.භාණ්ඩ විවිධාකාර හොර ක්‍රම මගින් රටතුලට පැමිණීම.කලුකඩ වෙළෙඳ පලක් ඇතිවීම .
මේ නිසා රජය ඊළඟ අවස්ථාවේ බරපතල වියදම් කප්පාදුවකට යොමු වන්න පුළුවන් .කපන්න පුළුවන් තැන්වලින් කපයි.දැනටමත් ප්‍රාග්ධන වියදම් කප්පාදු කරල තියෙන්නේ .ඊළඟට ප්‍රාග්ධන වියදම් කප්පාදුවෙන් ඹබ්බට ගිහිල්ලා වර්ථන වියදම් කප්පාදුවකට යයි.මේක එක්තරා ආකාරයකට දුෂ්ඪ චක්‍රයකට ඇතුල්වීමක්.මෙහි ඇති අවාසනාවන්තම තත්ත්වය තමයි පහළ පංතියට වැඩි බරක් දැරීමට සිදුවීම .එතනයි වේදනාව .
මේ තියෙන්නේ structural change (ව්‍යුහාත්මක
වෙනසක් )සිද්ධවෙන්න ඕන වෙලාවක්.විශේෂයෙන් ආර්ථික ,දේශපාලන රාමුවේ පැහැදිලි වෙනසකින් තොරව මේ දුෂ්ඪ චක්‍රයෙන් මිදීමට අපිට හැකියාවක් නෑ .ඊට අදාල ප්‍රධාන මැදිහත්වීමක් පේනන නෑ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසි පරිදි සිදු වුනේ නෑ .ලබන වසරෙ වැටුප් වගෙ තුන් ගුණයක් ණය පොලී සඳහා වෙන් කරන්න වෙනව.බදු මත පමනක් යැපුනොත් ආර්ථිකය හැකිලෙන්න පටන් ගන්නව.එවිට බදු විදියට එකතුකළ හැකි ප්‍රමාණය අඩු වෙනව.එවිට වියදම් කපන්න වෙනව.එවිට සුභසාධන වියදම් ද,පොහොර සහනාධාර ඇතුළු පහසුවෙන් කපන්න පුළුවන් සියලු දේ කපනව.ආණ්ඩුවට ඒකාබද්ධ වැඩපිළිවෙළක් නෑ .කෙටිකාලීන දේවල් කර කර ඉන්නවා .මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මේ අදහස් පළකලේ දෙරණ සමග පැවති සාකච්ඡාවකදී ය.


0 Comments