සුපිරි පන්දුවාර 02ක් අවසානයේ ඉන්දියාව ජයගනී.

 


ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගයෙන් සුපිරි පන්දුවාර 02ක් අවසානයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 212ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 212 රැස්කරගනිමින් ලකුණු සම කිරීමට සමත් විය.

අනතුරුව තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ලබාදීමට විනිසුරුවරු තීරණය කළ අතර එහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු සුපිරි පන්දුවාරය තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කරගැනීමට සමත් විය.

සුපිරි පන්දුවාරයට මුහුණ දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කර ගැනීම හේතුවෙන් නැවතත් දෙවන සුපිරි පන්දුවාරයක් ලබාදීමට තීරණය කළේය.

අනතුරුව තරගයේ දෙවන සුපිරි පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 11ක් රැස්කර ගැනීමට සමත් වු අතර දෙවන සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 1ක් පමණක් රැස්කරගැනීමට සිදුවිය.

ඒ අනුව තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Post a Comment

0 Comments