ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති ලෙස තේරී පත්වන බව 100% විශ්වාස බව එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා බව මේ වන විටත් ඒකමතිකව තීන්දු කර අවසන් වන බවත් වෙනත් අය විවිධ කතා පැවසුවද ඒවා වලංගු නැති බවත් ඔහු කියා සිටී.
අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන දින රාත්‍රියේම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් සඳහා මහ මැතිවරණයක් කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
මීළඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම 2024 ඔක්තෝබර් දාහත්වැනිදා ( 17 ) ට පෙර කැඳ විය යුතුව ඇති බවත් එය කල්දැමීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඒ මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පලකර ඇත.
තවත් පුවත් :
0 Comments