හෙදියෝ පැය 24ක වර්ජනයක් අරඹයි..

 

හෙදියෝ පැය 24ක වර්ජනයක් අරඹයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි,එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරීමට කටයතු කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

මේ අනුව, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය.

Post a Comment

0 Comments