කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහලට.. විදුලිය 25%කින් ඉහලට.. උද්ධමන ලෝක වාර්තාව බලා ඉදිරියටම..

 

කියුබානු රජය විසින් එළැඹෙන පෙබරවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ 500%ක තරම් ඉහළ ප්‍රතිශතයකිනි.

මෙම පියවර ගෙන ඇත්තේ අයවැය හිඟය අඩු කිරීමේ ක් පියවරක් ලෙසයි.

ඉන්ධන මිලට අමතරව විදුලිය ගාස්තුද 25%කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ.

කියුබාව මේ වන විට වසර තිහකට පසුව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.

එරට උද්ධමනයද ඉතා ඉහළ අගයක පවතින අතර ඉන්ධන මිල මෙතරම් ප්‍රමාණයකින් ඉහළ දැමීම සඳහා හේතුවෙන් උද්ධමනය තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදෙස් මාධ්‍ය කියා සිටියි.

Post a Comment

0 Comments